සයිබර් ලංකා :: Cyber Lanka - news & views from srilanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
  • default color
  • black color

This is a bilingual website

Please note that Cyber Lanka publishes its contents in both English and Sinhala Languages.

If you cannot read the stories in Sinhala Language, you need to get appropriate Sinhala Language Enabling Pack for your PC. To get it please visit www.siyabas.lk

Cyber Lanka Weather Forecast - 07th February
  • COLOMBO - Temp 24c~32c, Risk of An Afternoon Thunder Shower.
  • KANDY - Temp 20c~30c, Afternoon Thunder Showers.
  • GALLE - Temp 24c~30c, Risk of An Afternoon Thunder Shower.
  • RATNAPURA- Temp 22c~33c, Afternoon Thunder Showers.

Source: Met. Dept.

Home News Defence ජෙට් යුගයේ වාර්තාගත ගුවන් ප්‍රහාරය

ජෙට් යුගයේ වාර්තාගත ගුවන් ප්‍රහාරය

E-mail Print PDF
  පසුගිය සැප්තැම්බර් 09 වනදා අළුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොටි ත්‍රස්තවාදීන් සතු Zlin Z-143 වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් මුලතිව් වලට ඉහළ අහසේදී පහරදී විනාශ කරන ලදි. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ සන්ධිස්ථානයක් මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු මෑතකාලීන ලෝක ඉතිහාසයේද ප්‍රථම ගුවනේ සිට ගුවනට එල්ල කරන ලද පළමු ප්‍රහාරය වේ. දෙවන ලෝක යුද්ධයේදී සතුරු ගුවන් යානා විනාශ කිරීම සඳහා විවිධ රටවල් වල ගුවන් හමුදා විසින් ගුවනේ සිට ගුවනට එල්ල කරන ලද ප්‍රහාර වලින් පසු ප්‍රථම වතාවට එවන් ප්‍රහාරයක් සිදුකරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් විසිනි. ඊට හේතුව දැනට ගුවන් යානා යොදාගනිමින් ප්‍රහාර එල්ල කරන සතුරන් සිටින්නේ ශ්‍රී ලංකාවට පමණක් වීමය.

කොටි ත්‍රස්තවාදීන් සතුව Zlin Z-143 වර්ගයේ සැහැල්ලු ගුවන් යානා 2ක් හෝ 3ක් ඇති අතර Robinson වර්ගයේ කුඩා හෙලිකොප්ටර් යානාවක් හෝ දෙකක්ද ඇති බවට වාර්තා වී ඇත. කොටින් විසින් එම Zlin වර්ගයේ සැහැල්ලු ගුවන් යානා වෙනස් කර ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රහාරක යානා වශයෙන් සකස් කරගෙන ඇත.


LTTE සංවිධානය සතු Zlin z-143 සැහැල්ලු ගුවන් යානයක ආකෘතියක්ශ්‍රී ලංකා හමුදාවනගේ අනවරත දරුණු ප්‍රහාර හමුවේ අඩපණ වෙමින් යන කොටි සංවිධානය තමන් සතු අවසන් තුරුම්පු කිහිපයෙන් එකක් ලෙස පසුගියදා මෙම ගුවන්යානාද උපයෝගි කොටගෙන වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කරන ලදි. එම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ ආරක්ෂක සේනා මූලස්ථානය තුල ස්ථානගතකර ඇති ගුවන් හමුදාවේ Indra II නම් රේඩාර් පද්ධතිය විනාශ කිරීම බව දැන් අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෝටාර් උන්ඩයක් නිසා ඇති වූ සුළු හානියක් හැරෙන්නට එම රේඩාර් පද්ධතියට බරපතල හානියක් සිදුවී නොමැති බවත්, ඉතා කෙටි කාලයක් තුල එම රේඩාර් පද්ධතිය යථා තත්වයට පත්කරගත් බවත් වාර්තා වේ.

කොටින්ගේ මෙම කලුකොටි-කාලතුවක්කු-ගුවන්යානා ඒකාබද්ධ ප්‍රහාරය ව්‍යාර්ථ කිරීම සඳහා යුධ හමුදා විශේෂ බලකා සෙබලුන් හා ගුවන් හමුදාවේ දක්ෂ ගුවන් නියමුවන් ඇතුලු කාර්ය මණ්ඩලය අමිල මෙහෙයක් ඉටු කර ඇත.

යුධ හමුදා විශේෂ බලකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් කලුකොටි 11 දෙනෙකු වව්නියාව, ඉරට්ටපෙරියකුලම කැලය ඔස්සේ ආරක්ෂක සේනා මූලස්ථානය වෙත රාත්‍රී කාලයේ ලඟා වී ඇති අතර, එම ප්‍රදේශයේ රාජකාරියේ නියුතුව සිටි යුධ හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් ඔවුන්ගේ පැමිණීම නිරීක්ෂණය කර ඔවුන්ට නොදැනෙන පරිදි පසුපසින් පැමිණ තිබේ. ඉන්පසු කලුකොටින් 11 දෙනා වටකරගත් විශේෂ බලකා සෙබලුන් ඔවුන් වෙත එකවර ප්‍රහාරයක් එල්ලකර ඇත. එම ප්‍රහාරයෙන් කලු කොටි 11 දෙනාම මියගොස් ඇති අතර ප්‍රහාරය අතරතුරදී ඔවුන් සූදානම් කොට තිබූ ගුවන් යානා එවන ලෙසත්, කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර එලල කරන ලෙසත් වන්නියේ සිටින කොටින් හට සංඥා කොට ඇත. ඉන්පසු ඕමන්ත ප්‍රදේශයට උතුරින් සිට කොටින් විසින් වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර එල්ල කර ඇති අතර කොටි ගුවන්යානා දෙකද ගුවන්ගත කර තිබේ.

Indra II Radarකොටි ගුවන් යානා ගුවන්ගතවීම වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානයේ රේඩාර් තිරයේ සටහන් වී ඇති අතර එම යානා ගුවන්ගත වී විනාඩි 3 ක් පමණ කෙටි කාලයක් ඇතුලත ගුවන් හමුදා මූලස්ථානය වෙත වාර්තා කිරීමට නිලධාරීන් සමත් වී ඇත. එසැනින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදා නියමුවන් තම F-7G වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ගුවන්ගත කරමින් වව්නියාව ගුවන් හමුදා මූලස්ථානයේ රේඩාර් තොරතුරු හා මඟපෙන්වීම් අනුව කොටි ගුවන් යානා වලට පහර දීමට පිටත් වී ඇත. කෙසේ වෙතත් ජෙට් ප්‍රහාරක යානා වව්නියාව ප්‍රදේශයට ලඟාවන විට කොටින්ගේ ගුවන් යානා විසින් වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානයට බෝම්බ කිහිපයක් හෙලා පලායමින් සිට ඇති අතර මෝටාර් උන්ඩයක් වැදීම නිසා වව්නියාව රේඩාර් පද්ධතියද ක්‍රියා විරහිත වී ඇත. එම නිසා F-7 ප්‍රහාරක යානා වලට සතුරු ගුවන් යානා වල ගමන් මාර්ගය පිළිබඳ මඟපෙන්වීම් තොරතුරු ලබාදීමට නොහැකි වී ඇත.
කෙසේ වෙතත් තම F-7 ජෙට් යානය සතුව ඇති අභ්‍යන්තර රේඩාර් පද්ධතිය ආධාරයෙන් විනාඩි 15 ක් පමණ ගුවන නිරීක්ෂණය කරමින් සිටියදී එක් කොටි ගුවන් යානයක් තම යානයට කිලෝමීටර් 10ක් පමණ දුරින් ගමන් කරනු දැක ගැනීමට එක් ගුවන් නියමුවකු සමත් වී ඇති අතර ඔහු එම යානය පසුපස හඹා‍ගොස් ඇත.

ගුවන් හමුදාව සතු F-7 යානයක්ඉන්පසු ඔහු විසින් කොටි ගුවන් යානයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයට පැමිණ ඉලක්කය ලබාගැනීමෙන් පසු තාප සංවේදී මිසයිලයක් (heat seeking missile) මඟින් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉලක්ක වෙත ඉතා නිවැරදිව ලඟාවන මෙම තාප සංවේදී මිසයිලය නිසා පළමු ප්‍රහාරයෙන්ම කොටි ගුවන් යානය විනාශ කිරීමට ගුවන නියමුවා සමත් වී ඇත.

අළුයම 3 - 4 අතර අඳුර පවතින කාලයේදී තම යානය හසුරවමින් යානයේ අභ්‍යන්තර රේඩාර් පද්ධතිය මඟින් ගුවන නිරීක්ෂණය කරමින් ඉතා දුෂ්කර කාර්යයක් වන කුඩා සතුරු යානය සොයාගෙන පළමු ප්‍රහාරයෙන්ම සතුරු යානය විනාශ කිරීමට තරම් ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ ගුවන් නියමුවන් අති දක්ෂ ලෙස තම රාජකාරිය ඉටු කර ඇත. එමෙන්ම එම සාර්ථක ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු මෑත ඉතිහාසයේ සැබැ සටනකදී ගුවනේ සිට ගුවනට එල්ල කළ ප්‍රහාරයකින් සතුරු ගුවන් යානයක් විනාශ කළ පළමු අවස්ථාවද වෙයි.

පසුගිය කාලවකවානුවේ කොටි ගුවන් යානා වලට සාර්ථකව මුහුණදීමට නොහැකි වීම නිසාදෝ ඇතැම් මුලතිව් ඉහළ අහසේදී කොටි ගුවන් යානය බිම හෙලයිඅය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම වීර වික්‍රමාන්විතය පිළිබඳ අවතක්සේරුවක් ඇත. එනිසා සැබැවින්ම කොටි ගුවන්යානය විනාශ වූවාද, එසේ නම් නියමු රහිත ගුවන් යානා මගින් එය කඩාවැටුනු ස්ථානයේ ඡායාරූප ලබානොගත්තේ මන්ද යනුවෙන් විවිධ ප්‍රශ්න විවිධ පුද්ගලයන් නගමින් සිටී.

කොටි ගුවන් යානය විනාශ වූවා යන්නට ඇති ප්‍රබලම සාක්ෂිය එම ප්‍රහාරය සිදුකළ ගුවන් නියමුවා වන අතර තාප සංවේදී මිසයිලයකින් ප්‍රහාරය එල්ල කොට ඇති නිසා ඉලක්කය සාර්ථකව විනාශ වන්නට ඇතැයි නිගමනය කළ හැක. එමෙන්ම මුලතිව් ප්‍රදේශයේ සිවිල් බුද්ධි තොරතුරු වලින්ද කොටි ගුවන් යානය ගිනිගෙන කඩාවැටුනු බව සනාථ වී ඇත. සාක්ෂි වසන් කිරීම සඳහා උදය කාලයේ නියමු රහිත ගුවන් යානා පැමිණිමට පෙර තම යානයේ සුන්බුන් ඉතා ඉක්මනින් කොටි ත්‍රස්තවාදීන් විසින් ඉවත් කරන්නට ඇත.
Last Updated ( Thursday, 11 September 2008 19:47 )  
Your Ad Here

News Aggregater

Sri Lanka News

Login Form

Register today and get access to more features